පියමන් කලා ඔබ මා හද ගැබ තුලට
එලෙස මා මුළු දිවියම කැප කලා ඔබෙ නමට...
දිවි කතර ගෙවීමට ඔබෙන් උගත මා
ඔබ නොමැතිව ජීවත් වීමට කිසිදා උගත්තේ නැත...
දැන් ඔබ මා අසලයි ඔබ සිටිනා මගේ ලොව සුන්දරයි
ඔබ නොමැතිව අසම්පූර්ණ මාගෙ දිවිය දැන් පරිපූර්ණයි
පොලොවට අහසක් වූයේ නුඹයි
එලෙස මගෙ දිවිය ඔබ වෙනුවෙන් ලියාදී අවසානයි...