2018/06/29

නුඹ



යලි දිනක හමුවන්න මම පතනිමි...
බොඳ වෙච්ච හිත අස්සෙ නුඹ සඟවමි...
රැක ගත්ත අපෙ මතකෙ මම සුරකිමි...
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි...

2016/05/24

ඔබට ගැති සිත



පියමන් කලා ඔබ මා හද ගැබ තුලට
එලෙස මා මුළු දිවියම කැප කලා ඔබෙ නමට...


දිවි කතර ගෙවීමට ඔබෙන් උගත මා
ඔබ නොමැතිව ජීවත් වීමට කිසිදා උගත්තේ නැත...


දැන් ඔබ මා අසලයි ඔබ සිටිනා මගේ ලොව සුන්දරයි
ඔබ නොමැතිව අසම්පූර්ණ මාගෙ දිවිය දැන් පරිපූර්ණයි
පොලොවට අහසක් වූයේ නුඹයි
එලෙස මගෙ දිවිය ඔබ වෙනුවෙන් ලියාදී අවසානයි...


2015/01/18

ඔබ වෙනුවන්

ලොවේ කෙදිනක තනි වුනොතින් 
ඔබේ හද සෝතාපයෙන් 
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන් 

2014/10/24

ආඩම්බරකාරී


නෙතු ලග දගකරනා ආඩම්බරකාරී
ඉග සුග ගස්සන ආඩම්බරකම මට සීදේවි
කෙදිනක හෝ නුඹ මගේ ලග නවතීවී
සිත මගේ ඉල්ලාවී
මගේ සුදු ආඩම්බරකාරී

නිල්මිණි දෑසේ කුළුඳුල් පෙම දැකලා
සිත රහසේ බැඳුනා
ඔය වත කමලේ පුන් සඳ සේ
රුව ආඩම්බර පානා ගතියට
ආල හැගුම් මැවුනා

කාටත් නොකියන කව්රුත් නොදන්න
රහසක් මුමුණාවී උණුසුම ඉල්ලාවී
මගෙ සයනේ සැතපෙවී
ආඩම්බර ගති නොතිබුණා වගේ
ආදරේ ඉල්ලාවී

2014/02/11

පාසල් යන ඔබ මාවෙත සිහිවෙන විට මට ඉවසුම් නෑ...
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ...

2012/02/13


සෙනෙහෙ බිඳුනු සිත සුවපත් කෙරුමට
ලොවේ නොමැත කිසි තැනක ඔසු...
ඔබේ නමින් නෙත පුරා හඬනු මිස
පෙම් නොකරමි මම මෙයින් මතු...

2011/04/02

When you want to say good bye


I don't want you to leave,
When I still have so much to say.
Promise you'll never forget me,
I promise I'll never forget you.
I can't help but cry as I write,
Because I know every word is true.
Never forget the smiles we've shared,
Please don't forget the memories we've made.
When you go, don't erase me,
Don't let the passions fade.
Never forget the times I've held you,
I'd do anything to hold you again.
I want you there until the very end,
Don't ever forget that I love you.
You will always be everything that shines,
I'll never forget the time I first looked at you,
And fell in love with your eyes...