නෙතු ලග දගකරනා ආඩම්බරකාරී
ඉග සුග ගස්සන ආඩම්බරකම මට සීදේවි
කෙදිනක හෝ නුඹ මගේ ලග නවතීවී
සිත මගේ ඉල්ලාවී
මගේ සුදු ආඩම්බරකාරී
නිල්මිණි දෑසේ කුළුඳුල් පෙම දැකලා
සිත රහසේ බැඳුනා
ඔය වත කමලේ පුන් සඳ සේ
රුව ආඩම්බර පානා ගතියට
ආල හැගුම් මැවුනා
කාටත් නොකියන කව්රුත් නොදන්න
රහසක් මුමුණාවී උණුසුම ඉල්ලාවී
මගෙ සයනේ සැතපෙවී
ආඩම්බර ගති නොතිබුණා වගේ
ආදරේ ඉල්ලාවී
No comments:
Post a Comment